මා නම්,

මා නම් එක කුසුමක්ම විය යැයි පැවසීම නිවරැදිය. අන් හැමදෙනාටම පෙනෙන්නේ නම් මා තරම් වාසනාවන්ත වෙන කිසි අයෙක් නැති ලෙසය.නමුත් මට නම් මා උන්මාද ච්ත්‍රාවක් පමණි. මෙසෙ ලියන විට ආරම්භයම කණගාටුදායක ස්වරූපයක් ගන්නා හැඩය. එසේ නැතිනම් ඒ හදේ තෙරපෙන තරහවක් ද කියන්නට මා වත් දන්නේ නැත. සමහර විට හැමද්ම මා වරද්ද ගත්තා විය හැක.
මාගේ ජීවිතයේ දැනට ඇති එකම හෝ ප්‍රධානම අඩුපාඩුව නම් හිතට දැනෙන හැමදේම කීමට හොඳම මිතුරියක් හෝ මිතුරෙක් ය. කෙසේ නමුත් අද සිට සිතට දැනෙන හැමදේම මෙහි සටහන් කරමි. නමුත් අවාසනාවකට අපි ජීවත් වනනේ යම් සමාජ රාමුවක් තුළ බැවින් මාගේ සැබෑ තොරතුරු හෙළි කිරීමට නොහැකි විම ගෙන සමාව අයදිමි. එමෙන්ම බොහෝ විට මාගේ කථාව මාගේ සමාජ පන්තියට පොදු දෙයක් ලෙස ඔබ දුටුවහොත් එයට ද සමාව අයදිමි. නමුත් එක් දෙයක් කිව යුතු ය. ඔබ අසන්නට යන මගේ කථාවේ හරය මා මෙන්ම රන් කූඩු වල හැදී වැඩි බටහිර රටක හෝ වෙන යම් තැනක අත්තටු ලබන ඕනැම යුවතියකට සිතන්නට යමක් වනු ඇත. ඇයට පින් ඇති නම් මා වැටුනු වලවල්වල නොවැටෙන්නට අධිෂ්ටානයක් කර ගනු ඇත.