අද දවස...
සුභ දවසක් ඔබ සැමට!
මේ දිනවල මාගේ සාමාන්‍ය පුරුද්ද නම් ටිකක් දහවල් වී අවදි වීම වුනත්, ඊයේ දිනයටම කිසිවක් නොකැ නිසාදෝ උදෑසනින්ම අවදි වුණි. උණ හෙම්බිරිස්සවෙන් පෙළෙන මා හට කන්නට පිරියක් නැත.ඇත්ත වශයෙන්ම කියනවා නම් මා අහක යන ලෙඩ ද ඉල්ලා හදාගන්නා තරම් අඩු ප්‍රතිශක්තිකරණ ශක්තියක් ඇති අයෙකි. මට නොසෑදුනු ලෙඩක් නැති තරම් ය. මේ නිසාම මේ රටේ වෛද්‍ය පහසුකම් ගැන ලියන්නට සිතුණි...
මේ රටේ අත්‍යවශ්‍ය ලෙඩකට ඇරුණු කොට බෙහෙත් දෙන්නේ නැත. මොන තරම් අමාරු වුනත් කියනනේ vitamin c හා paracetamol ගෙන, දොඩම් යුෂ පානය කර විවේක ගන්නා (bedrest) ලෙසය. නමුත් ලංකාවේ හැදිවැඩුනු අපිට පුරුදු වි ඇත්තේ පුංචි ලෙඩටත් anti-biotics බී නිසා ඒවා හරි යන්නේ නැත. එම නිසාම ෆාමසියකවත් නැති තරම් බෙහෙත් කන්දරාවක් මා ලංකාවෙන් ගෙනවිත් ඇත. ලෙඩක් හැදුනු විට අම්මාගෙන් අසා හෝ ඇය ලවා වෛද්‍යවරයෙකුගෙන් අසා ගෙන ආ බෙහෙත් බොමි. ඇත්තටම මෙය නම් සිනාවට කාරණයක් ය. ඒ නම් අපේ රටවල් වල හොඳ කිරීමට අමාරු ලෙඩ්ඩුන් ව විශාල මුදලක් ගෙවා මේ රටවල් වලට ගෙන ආව ද, මෙහි සිටින අපට සිදුව ඇත්තේ ලංකාවෙන් ගෙන ආ බෙහෙත් බොන්නටය.
මෙසේ කියනවාත් සමඟ ම මට ප්‍රශ්නයක් නගන්නට සිතේ. එනම්, ඔබ සිතනා පරිදි මේ පරස්පර විරෝධි ක්රමයන් ට හේතුව අපේ වෛද්‍යවරු හොඳ ගානක් කඩා ගන්නට අපිට අනවශ්‍ය පරිදී බෙහෙත් ලබා දීම ද? නැති නම් අපේ රටේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිය ඇත්තට ම අඩු කම ද?